Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බහුතරය ගත් පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2 years ago

පළාත් පාලන ආයතනවල බහුතරය හිමිකරගත් පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරුන් නම් කරන ලෙස දැනුම්දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, 50%කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයකින් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට අදාළ දැනුම්දීම සිදුකරන බවයි.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල ඊයේ (07) දිනයේ නිකුත් වූ අතර එහිදී පළාත් පාලන ආයතන රැසක බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්වුණත් අනුව 50%ට වැඩි ඡන්ද ලබා ගැනීමට හැකි වූයේ ආයතන 82ක පමණයි.

 මේ අතර කොට්ඨාශ මට්ටමින් තේරී පත් වූ පළාත් පාලන ආයතන සභිකයින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම, කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ පළාත් පාලන ආයතන සඳහා පත් කළ යුතු කාන්තා නියෝජනයන් පිළිබඳව ඉදිරි දිනවලදී අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩයම් වෙත දැනුම්දෙන බවයි.

කොට්ඨාස මට්ටමින් තේරී පත් වී ඇති කාන්තා නියෝජනයන් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පත් කළ යුතු කාන්තා නියෝජිතයින් පිළිබඳව දැනුම්දීමට නියමිතයි.