Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විභාග කොමසාරිස් ජනරාල් තනතුරට අලුත් මුහුණක්

2 years ago

විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය 2025 මැයි 06 වන දිනෙන් අවසන් වීමත් සමග එම තනතුර සදහා සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කර ඇති බව සදහන් වෙයි.

ඇය, මේ වන විට  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.

ඇය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි.