විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් කිරීමේ පැරැණි ක්‍රම වේදය යළි ක්‍රියාවට නංවන ලෙස නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුව විභාග කිරීමට පත් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විභාගයෙන් ඉවත් වන බව අද (08) දැනුම් දුන්නේය.
පෞද්ගලික හේතුන් මත මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා දැනුම් දීම නිසා නඩු විභාගය ජුනි 16 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
අධිකරණයට අපහාස කළ බවට හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහි නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලීප් නවාස්, ප්රියන්තප්රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදී පෞද්ගලික හේතුන් මත මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා දැනුම් දුන්නේය.
