තමා සිරගෙදර සිටියද මෙවර පළාත් පාලන මැතිවරණයේ පුටුව ලකුණින් තරග කළ පොදුජන එක්සත් පෙරමුණට ලැබුණු ඡන්ද අතරින් ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණය වන ඡන්ද 45,000 ක් ලැබුණේ තමාගේ දිස්ත්‍රික්කයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාරදී දින දෙකක් තුළ තමාව සිරගෙට දැමීමට කටයුතු කළ බවත්, තමා එළියේ සිටියා නම් ඡන්ද 70,000 ක් ලබා ගැනීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පවසා සිටියා.
එමෙන්ම තම මගපෙන්වීම මත හපුතලේ නගර සභාවට ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම ජය ගැනීමට සමත් වූ බවත් බණ්ඩාරවෙල නගර සභාවට තමා ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම දෙවන ස්ථානයට පත් වූ බවත් සඳහන් කළා.
තමා සිරගෙදර සිටියද, පුටුවට ඡන්දය ලබාදුන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තූතිවන්ත වන බවත්, හිර ගෙවල් 50ක දැමුවත් තමාගේ ගමන නැවැත්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
