Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව පාප් වහන්සේ තෝරා ගැනීමේ දෙවෙනි අවස්ථාවෙන් පසුවත් කළු දුමාරයක්

2 years ago

ලෝකයේම අවධානය දිනාගත් වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ දුම් කවුලුවෙන් යළිත් කළු දුමාරයක් නිකුත්ව තිබෙනවා.

එයින් ඇඟවෙන්නේ තවමත් නව පාප් වහන්සේ නමක් තේරී පත් වී නොමැති බවයි.

එමෙන්ම ඊයේ ද එම දේවස්ථානයේ දුම් කවුලුවෙන් මෙසේ නිකුත් වූයේ කළු දුමාරයක්.

මේ වනවිට ලෝකයේම අවධානය දිනාගෙන ඇති නව පාප් වහන්සේ තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම ඊයේ (07) ආරම්භ වුණා.

ඒ අනුව ඊයේ (07) වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ පැවති විශේෂ දේව මෙහෙයෙන් අනතුරුව පාප් වහන්සේ තෝරන ඡන්ද විමසීම පැවැත්වෙන දේවස්ථානය තුළ කාදිනල්වරු 133 දෙනා රැඳී සිටිමින් රහස් ඡන්දය භාවිත කළා.