වතිකානුවේ සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් සුදු දුමක් පිටවී තිබෙනවා.
නව පාප් වහන්සේ නමක් තේරී පත් වූ බවට එය සංඥා කරන බවයි වාර්තා වෙන්නේ.
මේ වනවිට ශාන්ත පීතර චතුරශ්‍රයේ රැඳී සිටින ජනතාාව ප්‍රීති ඝෝෂා නගමින් සිටින බව වාර්තා වේ.
කෙසේ නමුත් නව පාප්වරයා කවරෙක්ද යන්න තවමත් අනාවරණ වී නොමැති අතර, උන් වහන්සේ තවත් නුදුරු මොහොතකින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සදලුතලය වෙත පැමිණ බැතිමතුන් හමුවේ පෙනී සිටිනු ඇත.
