වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධාන කර ඇති දන්සැල් 7,437ක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ දිවයින පුරා සියලුම දන්සැල් පරීක්ෂාවට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන බවයි.
මේ අතර වෙසක් සතිය නිමිති කර ගනිමින් මැයි 12,13 හා 14 යන දිනවල මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැෂිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.
