දැනට ක්රියාත්මක වන පළාත් පාලන මැතිවරණ පනත අනුව මෙවර පළාත් පාලන ඡන්දයෙන් සියයට පනහක බහුතරයක් නොලැබූ පළාත් ආයතන 263කම සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද පැවැත්වීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.
අවසන් මැතිවරණ ප්රතිඵලය අනුව පළාත් පාලන ආයතන 339 අතරින් ජයග්රාහී පක්ෂයට සියයට 50 ඉක්ම වූ ඡන්ද ප්රතිශතයක් ලැබී ඇත්තේ පළාත් පාලන ආයතන 76 ක පමණි.
එබැවින් සෙසු පළාත් පාලන ආයතන 263 ම සභාපතිවරුන් තෝරා ගැනීම සඳහා ඡන්දයක් පැවැත්වීමට සිදුවනු ඇති බව සඳහන්.
එහිදී නාමයෝජනා කැඳවා එක් නාමයෝජනාවකට වඩා ඉදිරිපත් වුවහොත් යම්කිසි අපේක්ෂකයකු සියයට 50 ක් ඡන්ද ලබා ගන්නා තෙක් ඡන්දය පැවැත්විය යුතු බව පළාත් පාලන මැතිවරණ පනතේ සඳහන් වේ.
පළාත් පාලන ආයතනයක සභාපතිවරයා තෝරා ගැනීම සඳහා එම ආයතනයේ සභිකයන්ගේ කැමැත්ත පරිදි රහස් ඡන්දයක් පැවැත්වීමටද අවසර ඇති බව සඳහන්ය.
ඕනෑම පළාත් පාලන ආයතනයක සභාපති ධුරයට පත්විය හැක්කේ බහුතර මන්ත්රීන්ගේ එකඟතාවයෙනි.
අවසන් ඡන්ද ප්රතිඵලය අනුව ජාතික ජනබලවේගය ආයතන 265 කද සමගි ජන බලවේගය ආයතන 14 කද ජය හිමි කරගෙන තිබේ.
දෙමළ ජාතික සන්ධානය ඇතුළු සෙසු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඉතිරි පළාත් පාලන ආයතන ජයගෙන ඇත.
