10වන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට හිමිව තිබේ.
ඒ එම මිත්‍රත්ව සංගමය පිහිටුවීමේ රැස්වීම පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාවේදී මෙම ධූරය පිරිනමා තිබෙනවා.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා එම් මහතාද එක් වූ බව සඳහන්.
