Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගැරඬිඇල්ලේ බස් අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිල්ලද? කාර්මික දෝෂයක්ද ? පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් නිවේදනයක්!

2 years ago

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) උදෑසන සිදුවූ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිල්ලද නැතිනම් බස් රථයේ තිබු යම් කාර්මික දෝෂයක්ද යන්න පිළිබඳව සොයාබැලීමට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පැවසුවේ මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකර බවයි.

අනතුරින් මේ වන විට පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබෙනවා.

එමෙන්ම පුද්ගලයින් 35කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර ප්‍රථිකාර ලබමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.