Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බීමත්ව මගී බස් රථයක් ධාවනය කළ රියදුරෙක් අත්අඩංගුවට

2 years ago

මත්පැන් පානය කර මගීන් රැගෙන පෞද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටි පානදුර – හොරණ පෞද්ගලික බස් රථයක රියදුරෙක් බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී බස් රථයේ මගීන් 50 කට අධික පිරිසක් සිට ඇති බව සඳහන්.

මෙම බස් රථය හොරණ සිට අපරික්ෂාකාරී අයුරින් ධාවනය කර ඇති අතර, පසුව පොලිසිය ඒ පිළිබදව නිරීක්ෂණය කොට රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් රියදුරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.