මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන් වනවා.
ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමි සදහන් කළේ, ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාවන් හෙට දිනයේ ශ්‍රී පාද උඩ මළුවේ සිට රත්නපුර පලාබද්දර මාර්ගයේත්, හැටන් නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල මාර්ගයේත්, නල්ලතන්නිය බගවන්තලාව බලන්ගොඩ මාර්ගයේත්, පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා වඩම්මවා චාරිත්‍රානුකූලව ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාවන් එහි තැම්පත් කර තබන බවයි.
එසේම, ශ්‍රී පාද අවාරයේ දී විදේශීය සංචාරකයන් ශ්‍රී පාදස්ථානය සංචාරය කිරීමට නල්ලතන්නි පොලිසිය දැනුවත් කර යෑමට අවසර ලබා දී තිබෙනවා.
