කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්රතිකාර ලබයි.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවය.
අනතුරෙන් තුවාල ලැබූවන් අවට රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර ඒ අතරින් කොත්මලේ ප්රාදේශීය රෝහලේ නේවාසිකව ප්රතිකාර ලැබූ රෝගීන් සියලුදෙනා ප්රතිකාර ලබා පිටවගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.
නාවලපිටිය රෝහලේ මේවන විට රෝගීන් 5දෙනෙකු ප්රතිකාර ලබන අතර ගම්පොළ ශික්ෂණ රෝහලේ රෝගීන් 22 දෙදෙනෙකු ප්රතිකාර ලබයි.
නුවරඑළිය මහරෝහලේ මේ වනවිට 15 දෙනෙකු ප්රතිකාර ලබන අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ බරපතළ තත්ත්වයේ පසුවන රෝගීන් කිහිපදෙනෙකු පේරාදෙණිය සහ මහනුවර යන රෝහල්වල ප්රතිකාර ලබන බවය.
මේ අතර තුවාලකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අග්රමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (11) ගම්පොළ රෝහල වෙත පැමිණියාය.
