අඩු ආදායම් ලාභීන් සඳහා නොමිලේ ප්‍රතිකාර කරන සිංහාලෝක දියවැඩියා හා අක්ෂි රෝහල පසුගියදා විවෘත කෙරුණා.
ඒ හොරණ ,තල්ගහවල පාර , කුඩා උඩුව ප්‍රදේශයේයි.
ජාත්‍යන්තර සිංහ සමාජ 306-12 සිංහ දිස්ත්‍රික්කයේ මූලිකත්වයෙනුයි සිංහාලෝක දියවැඩියා හා අක්ෂි රෝහල විවෘත කෙරුණේ.
මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා වැයවන සියලු වියදම් 306-12 සිංහ දිස්ත්‍රික්කයේ සිංහ සාමාජිකයින් මගින් දරණ බවයි සිංහ සමාජයේ සිංහ ප්‍රසාද් ගමගේ මහතා සඳහන් කළේ.
