අහංගම, කබලාන දුම්රිය හරස් මාර්ගයේදී නවීන ජිප් රථයක් දුම්රියක ගැටීමෙන් අද (12) දහවල් සිදුවූ අනතුරකින් හතර දෙනකු තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසනවා.
බෙලිඅත්ත සිට මහනුවර දක්වා ධාවනය වු දුම්රියේ BMW වර්ගයේ ජීප් රථයක් ගැටී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සිදුවූ දුම්රිය හරස් මාර්ගය ආලෝක සංඥා සහිතව තිබෙන ස්ථානයක්.
අනතුරට පත් ජිප් රථයේ 06 දෙනෙකු ගමන් කර ඇති අතර එයින් 04 දෙනෙකු මෙලෙස තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
