ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා මේ වන විට දවැන්ත බල අරගලයක් නිර්මාණය වී තිබේ.
පසුගියදා පැවති මැතිවරණයෙන් ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාව සඳහා ඡන්ද 81814ක් ලබා ගත් අතර ඔවුනට හිමි වූ සභික ධූර සංඛ්‍යාව 48කි.
ඡන්ද 58375ක් ලබා ගත් සමගි ජන බලවේගයට සභික ධුර 29ක් හිමි විය.
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සභික ධුර 59ක් අවශ්‍ය වන අතර ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තවත් සභික ධුර 11ක අවශ්‍යතාවයක් පවතින අතර සමගි ජන බලවේගයට සභික ධුර 30ක අවශ්‍යතාවයක් පවතී.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,එක්සත් සාම සන්ධානය,සර්වජන බලය,පොදු ජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ,ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය, ඇතුළු ස්වාධීන කණ්ඩායම් විසින් කොළඹ මහ නගර සභාවේ සභික ධුර 40ක් අත්පත් කරගෙන ඇති අතර ප්‍රධාන පක්ෂ දෙක විසින් එම සභිකයන්ගේ සහාය ලබා ගැනීම සඳහා මේ වන විටත් මෙහෙයුම් අරඹා ඇති බව සඳහන්.
සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසා තිබෙන්නේ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂ සමඟ සාකච්ඡා සියයට අනූවකින් අවසන් වී ඇති අතර තම පක්ෂය අනිවාර්යයෙන්ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බවයි.
