Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගැරඬිඇල්ල බස් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

2 years ago

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් පසුගිය 11 වනදා අලුයම් කාලයේදී මෙලෙස අනතුරට පත්වුණා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නුවරඑළිය ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා සඳහන් කළේ මෙම බස් රථය සම්බන්ධයෙන් සිදුකළ ස්ථානීය පරීක්ෂාවේදී එහි යාන්ත්‍රික දෝෂයක් තිබූ බවට අනාවරණය නොවූ බවයි.

මෙම අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම මෙහි අරමුණින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.