Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොට්ටාවේ නිවසක ගින්නක්! 19 හැවිරිදි තරුණියක් මරුට!

2 years ago

කොට්ටාව රුක්මල්ගම පාරේ විහාර මාවතේ නිවසක තනිව සිටි තරුණියකගේ සිරුරට ගිනි ඇවිලී මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවිවාහක තරුණියකි.

ගින්නෙන් ඇයගේ සිරුර මුළුමණින්ම පිලිස්සී ඇති අතර නිවසේ දේපළවලට සහ වහලයට ද අලාභානි සිදුවී ඇති බව සඳහන්.

නිවස ගිනි ගන්නා අවස්ථාවේදී නිවසේ වෙනත් කිසිවෙකු සිට නොමැති බවයි වාර්තා වන්නේ.

කෝට්ටේ ශ්‍රී ජයවර්ධන පුර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පැමිණ ගින්න නිවා දමා දැමීමට පියවර ගෙන ඇති බවත් ඒ වන විටත් තරුණිය ජීවිතක්ෂයට පත්ව ඇත.

ගින්නට හේතුවෙ මෙතෙක් අනාවරණය වී නොමැති අතර නුගේගොඩ අපරාධ ස්ථානයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි.