බේරුවල පොලිස් වසමට අයත් වල්තර ප්‍රදේශයේ ගෘහස්ථ ආරවුලක් හේතුවෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඉරිදා රාත්‍රියේ නිවසක තුවාල ලැබූ පුද්ගලයකු සොයාගත් බවට ලැබුණු තොරතුරක් මත වින්දිතයාව බේරුවල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
ප්‍රදේශයේ පදිංචිකරුවකු ලෙස හඳුනාගෙන ඇති වින්දිතයා බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියේය.
වින්දිතයා සහ ඔහුගේ අනියම් බිරිඳ අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
එහිදී ඇය ඔහුට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
ඝාතනය සම්බන්ධයෙන් 42 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
