Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උතුරේ ප්‍රාදේශීය රෝහල් ගැන ගත් විශේෂ තීරණය

2 years ago

උතුරු පළාතේ සියලු ප්‍රාදේශීය රෝහල් පස් අවුරුදු සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

එම පළාතේ වෙසෙන ග්‍රාමීය ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අරමුණින් එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදු කළ විශේෂ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියා.