සිය මෝටර් රථවල අලෙවිය පහත වැටීම නිසා ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන නිසාන් සමාගම රැකියා කප්පාදු කිරීමක් සහ කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ගෝලීය වශයෙන් රැකියා 11,000කට ආසන්න ප්‍රමාණයක් කපා හැරීමට සහ කර්මාන්ත ශාලා 07ක් වසා දැමීමට එම සමාගම තීරණය කර ඇති බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.
පසුගිය නොවැම්බර් මාසයේදී එම සමාගම රැකියා කප්පාදු කිරීම් 9,000ක් සිදු කළේය.
මෙම නවතම කප්පාදු කිරීමත් සමග මාස කිහිපයක් තුළ එම සමාගම විසින් සිදු කරන ලද මුළු සේවක ඉවත් කිරීම 20,000කට ආසන්න අගයක් ගනී. අතර එය එහි ශ්‍රම බලකායෙන් 15%ක අගයකි.
නිසාන් සමාගමේ ගෝලිය වශයෙන් පුද්ගලයින් 133,500ක් පමණ සේවය කරනු ලබන අතර ඉවත් කරන ලද සේවක සංඛ්‍යාව සැලකූ විට එහි ශ්‍රම බලකායෙන් 15%ක අගයක් ගනී.
චීනයේ ප්‍රතිවාදි සමාගම්වල තරගකාරීත්වයට එරෙහිව සටන් කිරීම සඳහා නිසාන් සමාගම සහ ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන හොන්ඩා සමාගම සමග එක්ව ඔවුන්ගේ ව්‍යාපාර ඒකාබද්ධ කිරීමට මින් පෙර සැලසුම් කර තිබුණි.
එහෙත් එම සාකච්ඡා අතරමග බිඳ වැටුණි.
