Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාකිස්තානය ඉන්දියාවෙන් කළ ආයාචනය

2 years ago

ඉන්දීය ප්‍රහාර හමුවේ පාකිස්තානය, ප්‍රහාර නවත්වන ලෙසට ආයාචනා කළ බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.

අනාගතයේදීද ඉන්දියාවට එරෙහිව දියත් වන ඕනෑම ත්‍රස්ත ක්‍රියාවකට දැඩි ප්‍රතිචාර දක්වන බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කරනවා.

දෙරට අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පළමු වරට ජාතිය අමතා ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය අගමැතිවරයා මේ බව පවසා සිටියා.

අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ පාකිස්තානය එළැඹි සටන් විරාමය මෙතෙක් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.