පිළියන්දල මඩපාත ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් පිළියන්දල දම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 51ක් හැවිරිදි තිදරු මවක් මිය ගොස් තිබෙනවා.
අනතුරු සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ වරලත් ගණකාධිකාරිවරයා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරින් මියගිය කාන්තාව පාර හරහා මාරු වීමේදී සුඛෝභෝගී මෝටර් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
බරපතළ තුවාල ලද කාන්තාව සැකකාර රියදුරු විසින්ම පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර මද වේලාවකදී තුවාලකාරිය මිය ගොස් ඇත.
සැකකාර රියදුරුව කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පිළියන්දල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
