Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා ලියෝ පාප් වහන්සේ අතර හමුවක්

2 years ago

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ අභිනවයෙන් තේරී පත් වුණු 14 වන ලියෝ පාප්වහන්සේ , මුණ ගැසී තිබෙනවා.

එම සුහද කතා බහ අතරතුර ගත් ඡායාරූපයක් කොළඹ අගරදගුරු පදවියේ සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළ කොට තිබුණා.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව පැවත්වුණු නව පාප් වහන්සේ තෝරා ගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේද සහභාගී වූ අතර දින දෙකක් පුරා පැවති ඡන්ද විමසීමකින් අනතුරුව 267 වන පාප් වහන්සේ ලෙස අමෙරිකානු ජාතික රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් තේරී පත් විය.