Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් දින දෙකකට වැසේ

2 years ago

කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල් 15 ස්ථානයේ පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා එම කොටස තාවකාලිකව වසා තැබීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර පවසනවා.

ඒ අනුව, එළැඹෙන 17 දින පෙ.ව. 09.00 සිට එදින ප.ව. 02.00 දක්වා අර්ධ වශයෙන් හා එදිනම රාත්‍රී 08.00 සිට පසුදින (18) පෙ.ව. 05.00 දක්වා සම්පූර්ණයෙන් වසා තබන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම මෙම කාල සීමාවන් තුළ ඇති විය හැකි රථ වාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.