ඇමරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර ඩොලර් බිලියන 142 ක ඓතිහාසික අවි ගනුදෙනුවක් පිළිබඳ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞදි අරාබි සංචාරය අතරතුර මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.
ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු ද්වි පාර්ශවික නිල සංචාරය සඳහා තෝරාගත්තේ සෞදි අරාබියයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ පළමු ධුර කාලයේදීද ඔහු සිය පළමු නිල විදේශ සංචාරය සඳහා සෞදි අරාබිය තෝරාගත් නිසයි.
මෙවර සංචාරයේදී දෙරට අතර ඇතිවූ සමස්ථ වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 600 ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ගිවිසුම් අතර කෘත්‍රිම බුද්ධිය ක්ෂේත්‍රයෙහි අවශ්‍ය බලශක්ති සහ යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන 20 ක් ආයෝජනය කිරීම ද පවතින බව සඳගන්.
සිය ආයෝජනයන්ට ප්‍රතිලාභ ලෙස නව තාක්ෂණික අවි, කෘත්‍රිම බුද්ධිය සහ න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ තාක්ෂණය ආදිය ඇමරිකාවෙන් ලබාගැනීම කෙරේ සෞදි අරාබිය යොමුව තිබෙන බවයි වාර්තා වන්නේ. ඇමරිකානු දූත කණ්ඩායමට තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යාපාරික ප්‍රබලයන් ද එක්ව තිබීම මගින් ද මේ බව පෙන්නුම් කෙරුණා.
