ඉදිරි වසර තුන තුළ ප්‍රාථමික සෞඛ්‍ය ඒකක දහසක් දක්වා වැඩි කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
පුහුණු හෙදියන් 3147 දෙනෙකුට ළඟදීම පත්වීම් ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සංවිධාන කළ ජාත්‍යන්තර හෙද දින සැමරුම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ හෙදියන් අපේ අනාගතයයි හෙදියන්ට සත්කාර කිරීම තුළින් ආර්ථිකය ශක්තිමත් වේ යන තේමාවෙනුයි.
හෙද හෙදියන් ඉටුකරන සේවාව නොවන්නට සෞඛ්‍ය සේවාව මෙම තත්ත්වයට පත්වාගෙන යා නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ද මෙහිදි අදහස් පළ කළා.
