Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද පැවති සැප වාහන වෙන්දේසියෙන් රජයට දැවැන්ත ආදායමක්

2 years ago

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවිකිරීමේ දෙවන අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 26ක් අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය අද (15) පැවැත්විණි. 

හිටපු මැතිඇමැතිවරුන් හා හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයන්හිදී පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ වාහන 26ක් මෙහිදී වෙන්දේසි කර තිබූ අතර ඉන් 17ක්ම අද දිනයේදී අලෙවි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

BMW මෝටර් රථයක්,  Ford Everest රථ 02ක්, Hyundai Terracan රථයක්, Land Rover Discovery රථ 02ක්, Mitsubishi Montero රථයක්, Nissan පෙට්‍රල් රථ 03ක්, Nissan වර්ගයේ මෝටර් කාර් 02ක්, Porsche Cayenne මෝටර් රථයක්, SsangYong Rexton වර්ගයේ ජීප් රථ 05ක්, Land Cruiser Sahara වර්ගයේ රථයක්, V 08 රථ 06ක් සහ Mitsubishi Rosa වර්ගයේ වායු සමීකරණය කළ බස් රථයක් අද වෙන්දේසියට ඉදිරිපත් කර තිබිණි.

රජයේ වියදම් කපාහැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු වාහන අලෙවිකිරීම සිදුවේ.

මෙම වාහන මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන් 108 දෙනෙකු පමණ එක්ව ඇති අතර, ඒ හේතුවෙන් වාහන සඳහා විශාල ඉල්ලුමක් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව අද පැවති වෙන්දේසියේදී වාහන අලෙවිකිරීමෙන් රුපියල් මිලියන 200ක් ඉක්මවූ මුදලක් උපයාගත් බව සඳහන්.