විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් තවත් විශ්ව විද්‍යාල සිසුවෙකුගෙ ඉල්ලීම පරිදි රුපියල් 500ක මුදලකට වට්ස්ඇප් වෙත යොමුකළ ශිෂ්‍යයෙකුට රුපියල් 5000 දඩයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (15) නියම කර තිබෙනවා.
එම දඩ නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඩුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරිය අගතියට පත් විශ්ව විද්‍යාල දැරියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් ගොනු කළ පැමිණිල්ලක් අනුව අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීම හේතුවෙන් සැකකාර විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට මෙම දඩ හා වන්දි මුදල් නියම කළා.
අසභ්‍ය ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ඇතුළු චෝදනාවන් දෙකක් සැකරුට ඉදිරිපත් කෙරුණා.
අදාළ චෝදනාවන්ට විත්තිකරු මුල් අවස්ථාවේදීම වරද පිළිගන්නා බව විශ්ව විද්‍යාල ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.
නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ, විත්තිකරු එම විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුගේ ඉල්ලීම පරිදි රුපියල් පන්සියයක් රැගෙන අදාළ ඡායාරූපය වට්සැප් සමූහයක් වෙත යොමු කර ඇති බවත්, එම සැකකාර ශිෂ්‍යයා හෝ පැමිණිලිකාරිය කිසිසේත් හඳුනන පුද්ගලයින් නොවන බවයි.
පැමිණීලිකාර විශ්ව විද්‍යාල ශිෂ්‍යාව සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගෙන ඡායාරූප සමාජ මහත්තයට මුදාහළ ප්‍රදාන සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත්, ඔහු විසින් මෙම සැකකරුට අදාළ ඡායාරූපය පළ කිරීම සඳහා යොමු කර ඇති බවත් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කළා.
අගතියට පත් පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පැමිණිලිකාර ශිෂ්‍යාව අදාළ සිදුවීමෙන් පසුව සියදිව නසා ගැනීමට පවා පෙළඹී ඇති බවත් ,වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව ඇය යථා තත්ත්වයට පැමිණ ඇති බවත් සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වින්දිත තැනැත්තියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසට විත්තිකරුට නියෝග කරමින් ප්‍රධාන සැකකරුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
