අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ, හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළීමෙන් අද අලුයම අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් කැබ් රථයේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
හැටන් ප්‍රදේශයේ ජනපද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවල අලිගැටපේර මිලදී ගෙන ඒවා අලෙවිකිරිම සඳහා කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුර පිළිබද පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය කියා සිටියේ, කැබ් රථය අනතුරට පත්වන අවස්ථාවේ කැබ් රථය තුළ සිව් දෙනෙකු ගමන්කළ බවය.
