බඳවා ගැනීමේ ගැටළු ඇතුළු සේවක ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්, ඉදිරියේ දී වැඩ වර්ජනයකට යාමට කටයුතු කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ඉදිරි පැය 24 තුළ හෝ ඉන් ඔබ්බට ක්ෂණික වැඩ වර්ජනයකට යන බවයි එම සංගමය පවසන්නේ.
කොළඹදී අද (16) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා මේ බව සඳහන් කළා.
