Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අන්තරේ කැඳවුම්කරු ඇතුළු 9ක් අත්අඩංගුවට

2 years ago

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවට සම්බන්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රදිත් ඇතුළු විරෝධතාකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මාලිගාකන්ද උසාවිය විසින් උසාවිය කොළඹ රෝහල් චතුරස්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යංශය පිහිටි ස්ථානයට ඇතුළත් වීම සහ රෝහල් කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් විරෝධතාකරුවන් පිරිසට එරෙහිව නියෝගයක් ලබා දී තිබුණි.

ඒ අද (16) දහවල් 12 සිට හෙට පස්වරු 05 දක්වා බලපැවැත්වෙන පරිදියි.