2010 සිට 2015 කාලය දක්වා උරුගුවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ එරට වාමාංශික කැරලිකරුවකු ද වූ ජෝස් මුජිකා නොහොත් ‘පෙපේ’ මියගොස් තිබේ.
මියයන විට ඔහු 89 වන වියේ පසුවිය.
2024 වසරේදී මුජිකාට උගුරේ පිළිකාවක් වැළඳී ඇති බව හඳුනාගෙන තිබිණි.
උරුගුවේ රාජ්‍යයේ වත්මන් ජනාධිපති යමණ්ඩු ඔර්සි සිය සමාජ මාධ්‍ය පිටුවක් ඔස්සේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයාගේ මරණය නිවේදනය කළේය.
“අපගේ සහෝදර පෙපේ මුජිකාගේ මරණය ගැන අපි දැඩි ශෝකයෙන් ප්‍රකාශ කරමු. ඔබ අපට ලබාදුන් සෑම දෙයකටම සහ ඔබේ ජනතාව කෙරෙහි ඔබේ ගැඹුරු ආදරයට ස්තූතියි.” යනුවෙන් ජනාධිපති ඕර්සි සිය සමාජ මාධ්‍යවල සටහන් කර තිබේ.
ඔහු ජනාධිපතිව සිටියදී පවා ඉතා සරල ජීවන රටාවක් පවත්වාගෙන යෑම නිසා ඔහු වෙත ජනමාධ්‍ය ඔස්සේ විශේෂ අවධානයක් හිමිවිය.
ඔහු ජනාධිපති මන්දිරයෙන් ඉවත් වූ විට කුඩා ගොවිපලක වගා කටයුතුවල නිරත වෙමින් ජීවත් විය.
