Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බලය අල්ලන්න සජිත් සාකච්ඡාවක් කැඳවයි

2 years ago

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර සාකච්ඡාවක් අද පැපැවැත්වීමට නියමිතයි.

මේ සඳහා සමගි ජන සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින් මෙන්ම තවත් පක්ෂ කිහිපයක නියෝජිතයින් එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාවලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක් එක් දේශපාලන පක්ෂ ලේකම්වරුන්, වෙන වෙනම හමුවීමටයි සැලසුම් කර ඇති බව සඳහන්.

මේ අතර, විපක්ෂ නායකවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවට තම පක්ෂයේ නියෝජිතයෙකු සහභාගී කරවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ(16) ප්‍රකාශ කළා.