Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොටහේනේ වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

2 years ago

කොළඹ – කොටහේන සුමිත්‍රාරාම මාවතේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවකට මෙලෙස වෙඩි තබා පලාගොස් තිබුණි.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 70 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය සදහන් කළේ.

මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් යොදාගෙන තිබේ.

පොලිසිය සැක පළ කරන්නේ අපරාධ කල්ලි 2ක් අතර පැවති ගැටුමක ප්‍රතිඵලයක් වශයෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.