ප්‍රසිද්ධ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන ප්‍රියාන් මලින්ද අද (17) අලුයම හබරණ ගල්වංගුව ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා.
මලින්ද ඇහැළියගොඩ සිට කන්තලේ දක්වා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා.
රිය අනතුරෙන් පසු ලොරිය එම ස්ථානයෙන් පලා ගොස් තිබෙන අතර එයට අයත් යැයි සැලකෙන කොටස් කිහිපයක් එම ස්ථානයේ තිබී හමුව ඇත.
මිය යන විට 34 හැවිරිදි වියේ පසුවූ ප්‍රියාන් මලින්ද, රූපවාහිනී සහ ලේක්හවුස් යන දෙකෙහිම ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස සේවය කර තිබෙනවා.
වනජීවී වාර්තාකරණය සහ ජංගම මාධ්‍යකරණය යන අංශවලින් දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියක් ඉසිලූ මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළා.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
