දුම්රිය ස්ථානාධිපති සංගමය ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් අද (17) දිනයේදීත් සියලු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව තැපැල් දුම්රිය ගමන්වාර 08ක් මෙලෙස අවලංගු කර තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වී අතර එය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිතයි.
වර්ජනය හේතුවෙන් අද දිනයේ දුර ගමන් දුම්රිය ධාවනය නොවූ අතර ඒ හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.
ඉදිරි සතියේ තම ඉල්ලීම් වලට විසඳුම් නොලැබුණොහොත් අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.
