Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් රාජ්‍ය සේවකයින් පිරිසක් වර්ජනයකට සැරසෙයි

2 years ago

උසස්වීම් හා වැටුප්, දීමනා විෂමතාවයන්ට අදාල එකඟතා නොසලකා හැරීම ඇතුලු ගැටළු කිහිපයකට කඩිනම් මැදිහත්වීම නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරඹන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.

ඒ අනුව ලබන 22 වනදා පෙරවරු 8 සිට සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි ඔවුන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, අදාළ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීම සඳහා තවදුරටත් සූදානම් බවයි ඔවුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු බලධාරීන්ට ලිඛිතව දැනුම්දී තිබෙනවා.