අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට අනාවරණය වී තිබේ.
බයිඩන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳී ඇති බවත් එය ඔහුගේ අස්ථි දක්වා පැතිරී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
82 හැවිරිදි බයිඩන්, පසුගිය ජනවාරි මාසයේදී ධුරයෙන් ඉවත් වූ අතර රෝගී තත්ත්වයක් පසුගිය දින කිහිපයේ ඔහු වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු වී ඇත.
එහිදී ඔහුට පිළිකාවක් ඇති බව හඳුනාගෙන ඇති බව සඳහන් වේ.
එමෙන්ම වෛද්‍යවරු පෙන්වා දී ඇත්තේ ඔහුගේ පිළිකාව වඩාත් ඉතාමත් ආක්‍රමණශීලී ආකාරයෙන් පැතිරි ඇත අතර එය ඉතා ඉහළ මට්ටමක තිබෙන බවය.
කෙසේ වෙතත් ඔහුගේ පවුලේ පිරිස විසින් බයිඩන්ව අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් රෝගී තත්ත්වය කළමනාකරණය කළ හැකි බවත් ඔහුගේ කාර්යාලය තවදුරටත් පවසා ඇත.
