නිරිත දිග පාකිස්ථානයේ – බලුකිස්තාන් පළාතේ පාසල් බස් රථයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 6 දෙනෙකු මියගොස් තිබෙන බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ.
ඒ අතර පාසල් ළමුන් ළමුන් සිව්දෙනෙකු සිටින බව සඳහන්.
මේ අතර, තවත් 38 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් වන්නේ.
පිපිරිමේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නොමැති බවද සඳහන්.
