පළාත් පාලන ආයතන 161 ක සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය හෙට දිනයේදී නිකුත් කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ ගැටලු පවතින සෙසු පළාත් පාලන ආයතන 178 සදහා සභිකයන් නම් කර එවන ලෙස අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දෙන බවයි.
