යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බදු පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව ජුනි මස පළමුවනදා සිට සුඛෝපභෝගී භාණ්ඩ, ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ සඳහා මෙම බදු පැනවීම සිදුකර තිබෙනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙම තීරණය සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කිරීමට සූදනම් නොමැති බවයි.
එමෙන්ම අමෙරිකාවේ නිෂ්පාදනය නොකරන ඇපල් අයිෆෝන් සඳහා 25%ක ආනයන බද්දක් පැනවීමටයි අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ.
