සමගි ජනබලවේගයේ තවත් ආසන සංවිධායකවරුන් තුන්දෙනෙකු ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මාතලේ සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, දඹුල්ල සංවිධායක ධූරය දරන හිටපු පළාත් සභා අමාත්‍ය, නීතිඥ චම්පික විජේරත්න, රත්තොට ආසන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත් අළුවිහාරේ යන අය සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර රංජිත් අලුවිහාරේ මහතා තමන් දැරූ සමගි ජන බලවේගයේ නියොජ්‍ය ජාතික සංවිධායක ධූරයෙන්ද ඉල්ලා අස් වී තිබේ.
ඊයේ සමගි ජන බලවේගයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධූරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස් වූ අතර ඊට අදාළ ලිපියද ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත භාර දී තිබුණා.
