ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධන තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජනපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
අභාවප්රාප්ත රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ දේහය අද (24) පස්වරුවේ ඇයගේ මාදිවෙල පිහිටි නිවසෙහි ඥාතීන් සහ හිත මිත්රාදීන්ගේ අවසන් ගෞරවය සඳහා තැම්පත් කෙරෙන අතර, හෙට උදෑසන 10.00 සිට මහජන ගෞරවය සඳහා ජාතික චිත්රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැම්පත් කෙරෙනු ඇති.
අනතුරුව අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ රාජ්ය ගෞරව සහිතව නිදහස් චතුරස්රයේදී සිදුකිරීමට නියමිතයි.
ජනපතිවරයා තැබූ සටහන පහතින්,

