Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලබන අවුරුද්දේ මැයි 24 වෙනකොට මේ ආණ්ඩුව ඉවරයි – නලින් බණ්ඩාර

1 year ago

ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

දැක්මක් හෝ අත්දැකීම් නොමැති කණ්ඩායමකට බලය ලබා දුන්නොත් කුමක් සිදුවේදැයි යන්න පිළිබඳව පසුගිය මැතිවරණවලදී සිය පක්ෂය අනතුරු ඇඟවූ බවත් දැන් එහි ප්‍රතිවිපාක දකින්නට ඇති බවත් ඔහු සඳහන් කරනවා.

අද (24) කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

“අද මේ ආණ්ඩුවට වැඩක් කරන්න බෑ කියලා රජයේ උසස් නිලධාරීන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් කියනවා. මම අද කිව්වා කියලා මතක තියාගන්න. ලබන මැයි 24වෙනිදා වෙනකොට මේ ආණ්ඩුව ගෙදර යවනවා. ඒ අපි නෙවෙයි, මේ ගොල්ලන්ට ඡන්දෙ දීපු අයමයි”