හිටපු පාර්ලිමේන්තු මන්ත්රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සමගි ජන බලවේග ගාල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු සඳහන් කරන්නේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී ජයග්රහණය කරන ලද ලයිස්තු මන්ත්රීවරු නම් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයන් මත තමන් මෙම පියවර ගත් බවයි.
මේ අතර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහණී කවිරත්න මහත්මිය සඳහන් කරන්නේ පක්ෂයේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් තමන් කළකිරීමෙන් පසුවන බව පවසනවා.
පළාත් පාලන ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයට හිමිවූ මන්ත්රී ආසනවලට පත්කරන පුද්ගලයින් සම්බන්ධයෙන් කලින් පැවති එකඟතාවයන් මේ වන විට වෙනස් කර ඇති බවයි.
