ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ නවතම වාර්තාවට අනුව, ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය බවට පත්ව තිබෙනවා.
ඒ 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4 ක ආදායමක් උපයමින්.
මීට පෙර ලොව සිව්වන විශාලම ආර්ථිකය බවට පත්ව සිටි ජපානය පසුකරමින් ඔවුන් මෙම ස්ථානයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙහි පළමු ස්ථානයේ ඇමරිකාව පසු වන අතර, දෙවන ස්ථානයේ චීනයත් සහ තුන්වන ස්ථානයේ ජර්මනියත් පසුවෙයි
එමෙන්ම, 2026 වසර වන විට ඉන්දියාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය, ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා තරමක් වැඩි විය හැකි බවට ද පුරෝකථනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
