Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයාට නාමල් රාජපක්ෂ කළ ඇරයුම

1 year ago

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාට තමන් සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීම සඳහා ආරාධනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දහම් සිරිසේන පසුගිය මහමැතිවරණයේදී සර්වජන බලවේගය නියෝජනය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට ඉදිරිපත් විය.

නාමල් රාජපක්ෂ සිදු කළ යෝජනාව පිළිබඳව දහම් සිරිසේන මහතා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි වාර්තා වන්නේ. ප්‍රකාශයක් කර නොමැති අතර ඉදිරියේදී ඒ පිළිබඳව බොහෝදුරට හෙතෙම තීරණයක් ගනු ඇතැයි පැවසේ.

මේ අතර පසුගියදා බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අබියස පැවති රණවිරු උපහාර උලෙළේදී නාමල් සහ දහම් එක්ව උපහාර පුද කළ අයුරු දක්නට ලැබිණි.