Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොවම කතා වූ චීනයේ මානවරූපී රෝබෝවරුන්ගේ බොක්සිං තරගය

1 year ago

චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරන ලද “CMG ජාත්‍යන්තර රොබෝ  බොක්සිං තරඟ මාලාවේ” විශේෂ වැඩසටහනක් පසුගිය දා චීනයේ Hangzhou නගරයේදී අවසන් විය.

මෙය ඉතිහාසයට එක් වූයේ ලොව පළමුවරට පැවති මානවරූපී රෝබෝවරුන්ගේ බොක්සිං තරගාවලිය ලෙසයි. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම රෝබෝවරුන් සටන් සඳහා යොදාගන්නා චීනය තුළ දේශීයව සංවර්ධනය කළ අය බවයි.

එමෙන්ම, ඔවුන් කෘත්‍රිම බුද්ධියෙන් පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවද සදහන්. 

මෙම තරඟය චීන මාධ්‍ය සමූහයේ දේශීය හා විදේශීය වේදිකා හරහා ද සජීවීව විකාශනය කෙරුණි.

වට තුනකින් සමන්විත වුණ මේ තරගාවලියේ ජය තමන් සතු කරගැනීමට “AI Strategist” රොබෝ කණ්ඩායම සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

2030 වසර වනවිට චීනයේ මානවරූපී රොබෝවරුන්ට වෙළෙඳපොළ තුළ ඇති වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 120 කට ළඟාවනු ඇති බවට ද පුරෝකථනය කර තිබෙනවා.