Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අජිත් පී පෙරේරාට මැතිසබේ මුල් පුටුවක්

1 year ago

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා තේරී පත්ව තිබෙනවා.

ඊයේ (27) පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේ දී මෙම තෝරා පත් කරගැනීම සිදුවුණා.

මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීමට මීට පෙර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර එකඟත්වය පළ වී තිබුණා.

ඒ, අනුව සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරාගේ නම, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ විසින් යෝජනා කර අතර පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන විසින් එය ස්ථිර කළා.